සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)
[3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
[4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රියයන්ගේ වෙනස් බව හෙතුකොට ගෙන ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් බව හෙතුකොට ගෙන පුද්ගලයන්ගේ වෙනස් බව වේ.”