සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
3. ඡළින්ද්‍රිය වර්ගය
8. ඡළින්ද්‍රිය අභිසම්බුද්ධ සූත්‍රය
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සයක් වෙත්. කවර සයක්ද, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, මම යම්තාක් මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබොධ නොකෙළෙම්ද,
“මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සමාධිය අවබොධ කෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
[4] “මහණෙනි, මම යම් කලෙක වනාහි මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදය, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබොධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබොධ කෙළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි. මාගේ අර්හත්ඵල සමාධිය විනාශ නොවේ. මාගේ මේ අන්තිම ජාතියයි. දැන් මගේ නැවත ඉපදීමක් නැත්තේය යන ඥාන දර්ශනය මට පහළවිය.”