සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
3. ඡළින්ද්‍රිය වර්ගය
7. ඡළින්ද්‍රිය අරහන්ත සූත්‍රය
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්සේ වනාහි මහණතෙමේ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හා දිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද,
[3] “මහණෙනි, ඒ භික්ෂූතෙම ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තාවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහාතැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කරනලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.”