සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

3. වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.

“මහණෙනි, යම් කලෙක මහණතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තෘෂ්ණා දාෂ්ටීන්ගෙන් අල්වා නොගෙන මිදුනේවේද, මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇති වැස නිමවන මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කරනලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, තමාගේ අර්ථයට පැමිණියාවූ, මනාකොට දැන මිදුනාවූ අර්හත් පුද්ගලයා යයි කියනු ලැබේ.