සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
4. සුඛින්ද්‍රිය වර්ගය
4. වෙදනීන්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
[2] “මහණෙනි මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.
“ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.