සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

7. දුතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.

(මේ ඡෙද මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 3-7 ඡෙද මෙනි.)

[8] “මහණෙනි, එහි යම් සුඛින්ද්‍රියක් වේද, යම් සොමනස්සින්ද්‍රියක් වේද, ඒ සැප වේදනාව යයි දත යුතුයි. මහණෙනි, එහි යම් දුක්ඛින්ද්‍රියයක් වේද යම් දොමනස්සින්ද්‍රියක් වේද ඒ දුක් වෙදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් ඒ උපෙක්ඛින්ද්‍රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දතයුතුයි. මහණෙනි, මොව්හු වනාහි පංචෙන්ද්‍රියයෝය.”