සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

8. තතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය

[2] “මහණෙනි, ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොම්නස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය යනුයි.

(මේ ඡෙද මේ වර්ගයේ 6 වෙනි සූත්‍රයේ 3-7 ඡෙද මෙනි.)

[8] “මහණෙනි, එහි යම් සුඛීන්ද්‍රියක් වේද, යම් සොමනස්සින්ද්‍රියක් වේද ඒ සුඛ වේදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් දුක්ඛින්ද්‍රියක් වේද යම් දොමනස්සින්ද්‍රියක් වේද ඒ දුක්ඛ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්ද්‍රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, මෙසේ වනාහි මේ පංචෙන්ද්‍රියයෝ පිළිවෙලින් පසක්ව තුනක් වෙත්. තුනක්ව පසෙක් වෙත්.”