සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

5. ජරා වර්ගය

8. පුබ්බාරාම පඤ්චින්ද්‍රිය සූත්‍රය

[1] (මේ ඡෙදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)

[2] “මහණෙනි, කොපමණ ඉන්ද්‍රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව තෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද,

“ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන්වහන්සේ මුල්කොටම පවතී. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන්වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.

[3] “මහණෙනි, ඉන්ද්‍රියයන් පස් දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂිණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි කවර පසක්හුගේද යත්. සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන ඉන්ද්‍රියයන්ගේය.

[4] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරයි.”