සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

5. සාරගන්ධොපම සූත්‍රය

[2] “මහණෙනි, යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන් ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබොධ කිරීම වශයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.

[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී.

[4] “මහණෙනි, යම්සේ යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන්ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබොධය වශයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.