සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
6. ඡට්ඨ වර්ගය
4. හත්ථිපදොපම සූත්‍රය
[2] “මහණෙනි, යම්සේ හැවිදින්නාවූ සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියලු පියවර ඇත් පියවරෙහි ඇතුළත් බවට යෙත්. ඔවුන් අතුරෙන් මහත් බැවින් ඇත් පියවර අග්‍රවෙයි.
[3] “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබොධය පිණිස පවතිත්ද, අවබොධ කිරීම අතින් ඔවුන් අතුරෙන් පඤ්ඤා පදය අග්‍රවේ. මහණෙනි, කවර පද කෙනෙක් අවබොධය පිණිස පවතීද, මහණෙනි, සද්ධින්ද්‍රිය පදයද එය අවබොධය පිණිස පවතී. විරියින්ද්‍රිය පදයද එය අවබොධය පිණිස පවතී. සතින්ද්‍රිය පදයද එය අවබොධය පිණිස පවතී. සමාධින්ද්‍රිය පදයද එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය පදයද එය අවබොධය පිණිස පවතී.
[4] “මහණෙනි, යම්සේ ඇවිදින සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියළු පියවර ඇත් පාදයෙහි ඇතුළත් වෙත්ද, යම්සේ මහත් බැවින් ඇත් පාදය ඔවුන්ගේ අග්‍ර බවට යේද, මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබොධය පිණිස පවතිත්ද, අවබොධය අතින් පඤ්ඤින්ද්‍රිය ඔවුන්ගෙන් අග්‍රවේ.”