සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
7. බොධිපක්ඛිය වර්ගය
4. ආසවක්ඛය සූත්‍රය
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පංචඉන්ද්රියයෝ ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතිත්.
[3] කවර පසෙක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම පිණිස පවතිත්.”