සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

7. බොධිපක්ඛිය වර්ගය

3. අද්ධානපරිඤ්ඤා සූත්‍රය

[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්ච ඉන්ද්‍රියයෝ සංසාරය පිරිසිඳ දැනීම පිණිස පවතිත්.

[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්‍රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”