සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

7. බොධිපක්ඛිය වර්ගය

7. ජම්බුරුක්ඛොපම සූත්‍රය

[2] “මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද අවබොධය පිණිස ඔවුන්ගේ පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ. මහණෙනි බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද?

[3] “මහණෙනි, සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබොධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබොධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබොධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබොධය පිණිස පවතී.

[4] “මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද? ඔවුන්ගෙන් අවබොධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.”