සංයුත්තනිකායො

මහා වර්ගය

6. බල සංයුත්තය

10. ඔඝ වර්ගය. (2)

1–10. ඔඝාදිසුත්තදසකං

1-9.

මේ වර්ගයේ මුල් සූත්‍ර නවය මෙහි දහවෙනි සූත්‍රය මෙන් බල වශයෙන් වෙනස්කොට ගැනීමෙන් මේ වර්ගයේ සූත්‍ර දහය සම්පූර්ණ වේ.

10. උද්ධම්භාගිය සූත්‍රය.

[1] (මේ ඡෙදය මේ සංයුත්තයේ මුල් සූත්‍රයේ 1 ඡෙදය මෙනි)

[2] “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයොජන පසකි. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝය. මේ පඤ්ච උද්ධම්භාගීය සංයොජනයන්ගේ විශෙෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහ කිරීම පිණිස පඤ්ච බලයන් වැඩිය යුතුයි.

[3] “කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධාබලය වඩයි.

“නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු විරිය බලය වඩයි.

“නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරු කළ නිවනට නැමුණු සතිබලය වඩයි.

“නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණු සමාධි බලය වඩයි.

“නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණු පඤ්ඤා බලය වඩයි.

[4] “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයොජනයන්ගේ දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච බලයන් වැඩිය යුතුය.”

11. ගංගාපෙය්‍යාල වර්ගය. (3)

(1-12. 15 ඔඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් අමතොගධ කොට ගැනීමෙන් මෙහි සූත්‍ර 12 සම්පූර්ණ වේ.)

12. අප්පමාද වර්ගය. (3)

(1-12. 15 ඔඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් අමතොගධ කොට ගැනීමෙන් මෙහි සූත්‍ර 10 සම්පූර්ණ වේ.)

13. බලකරණීය වර්ගය. (3)

(1-12. 15 ඔඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් අමතොගධ කොට ගැනීමෙන් මෙහි සූත්‍ර 12 සම්පූර්ණ වේ.)

14. ඵසනා වර්ගය.

(1-12. 15 ඔඝ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් අමතොගධ කොට ගැනීමෙන් මෙහි සූත්‍ර 12 සම්පූර්ණ වේ.)

15. ඕඝ වර්ගය. (3)

(1-9 මේ වර්ගයේ අන්තිම සූත්‍රය මෙන් මුල් සූත්‍ර නවයත් අමතොගධ කොට ගැනීමෙන් මෙහි සූත්‍ර 10 සම්පූර්ණ වේ.)

10. උද්ධම්භාගිය සූත්‍රය.

(මේ ඡෙදය මේ සංයුත්තයේ මුල් සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ උද්ධම්භාගිය සංයොජන පසක්වෙත්. කවර පසක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව යනුයි මහණෙනි, මොව්හු වනාහි පඤ්ච උද්ධම්භාගිය සංයොජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් විශෙෂයෙන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස, පහකිරීම පිණිස පඤ්චබලයන් වැඩිය යුතුය.

“කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොෂය දුරුකිරීම කෙළවරකොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සද්ධාබලය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොෂය දුරුකිරීම කෙළවරකොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ විරිය බලය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොෂය දුරුකිරීම කෙළවර කොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සති බලය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොෂය දුරුකිරීම කෙළවර කොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ සමාධි බලය වඩයි.

“රාගය දුරුකිරීම කෙළවරකොට ඇති දොෂය දුරුකිරීම කෙළවරකොට ඇති මොහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැස ගන්නාවූ අමෘතය පහළ කරන්නාවූ අමෘතය කෙළවරකොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ නිවනට බරවූ පඤ්ඤා බලය වඩයි.

“මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයොජනයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච බලයෝ වැඩිය යුත්තාහ. ]

ඔඝවග්ගො දසමො.

සයවෙනි බල සංයුත්තය නිමි.