සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
9. මහානාම සක්ක සූත්රය
(මේ ඡෙදය 7 වෙනි සූත්රයේ 1 ඡෙදය මෙනි. එහි “ නන්දිය” මෙහිදී “මහානාම” කියා වෙනස් වේ.)
“මහානාම, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද,
(මේ ඡෙද පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළමුවෙනි සූත්රයේ 2, 4, 6, 8, වෙනි ඡෙද මෙනි.)
“මහානාම, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි” කියායි.