සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය
‘මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවති සරභූ මහී යන මේ පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද පුරුෂයෙක් එතැනින් වතුර බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, හේ කුමැකැයි සිතන්නහුද? ගත් දිය බිංදු දෙක තුනත් ඒ පඤ්ච මහා ගංගා එක්වන තැන ජලය යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, යම් ඒ ගංගා එක්වන තැන පවත්නා ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙත්. පුරුෂයා විසින් ගන්නා ලද දිය බින්දු දෙක තුන ඉතා ස්වල්ප වන්නේය. ගන්නාලද දිය බින්දු දෙක තුන ඒ ජලය සමාන කරන කලද ගණනටද නො පැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි කලාවෙන් කලාවටද නොපැමිණෙයි.