ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

1. විධුපනදායක ථෙරාපදානය

’’තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ ද්විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මා විසින් වටාපතක් දෙන ලදී.

’’සිය සිත පහදවා, ඇඳිලි බැඳ, සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.

’’ලෝකයෙහි අසහාය ශාස්තෘවූ, බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ, විජිනිය ගෙන මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)

’’මෙම විජනි දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි (යනුවෙනි.)

’’පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති, (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති, සමාධි ගුණයෙන් යුත්, උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවට පැමිණියෙමි.

’’සැටදහස්වන කපෙහි ’’විජමාන’’ යන සමාදන්වූ නම් ඇති මහා බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධුපනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

විධූපනදායකත්ථෙරස්සාපදානං පඨමං.