ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
6. වීජනි වග්ග
3. සයනදායක ථෙරාපදානය
’’සියලු ලෝ වැසියනට අනුකම්පා කරණ සුළුවූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් සයනයක් පිදීමි.
’’එම සයන දානය කරණ කොට ගෙන, මැනවින් සරු කෙතක හටගත් සශ්‍ය සම්පත් මෙන් ඕහට භෝගයෝ උපදිත්. සයන දානයාගේ මේ විපාකයයි.
’’අහසෙහි සයනය කරමි. මෙම පෘථිවිය (ඊශ්වරත්‍වයෙන්) දරමි. සත්ත්‍වයන් විෂයයෙහි මාගේ අධිපතිත්‍වය පවතී. සයන දානයාගේ මේ විපාකයයි.
’’පන් දහස්වන කපෙහි මහාවීර නම්න් අටරජ කෙනෙක් වුහ. තුන් දහස් සිව් වන කපෙහි මහත් බල ඇති රජවරු සිව් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සයනදායකත්ථෙරස්සාපදානං තතියං.