ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

4. ගන්‍ධොදකිය ථෙරාපදානය

’’පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි මහ නම් මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.

’’බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්දද විය.

’’එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කළුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

’’සර්‍වඥ තෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. අපගේ සාස්තෲ සම්පත්තිය ආශ්චර්‍ය්‍යයකි. මාගේ සිරුර (හෙන පහරින්) ඇදවැටුනි. (ඉන් චුතවූ) මම දෙව්ලොව සිත් අලවා වසමි.

’’පැන නැගුනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගුනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්.

’’මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් (තැවීමක්) නොදකිමි. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.

’’දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ගන්ධොදකියත්ථෙරස්සාපදානං චතුත්ථං.