ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

6. සපරිවාරාසන ථෙරාපදානය

’’මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි. ගොස් වළඳන ස්ථානය බෝලිද්ද මල්වලින් වට කෙළෙමි. (සැරසීමි.)

’’ලෝකයෙහි අග්‍ර නායකවූ වැඩහුන්නේ ඎජු ගුණ ඇති, සන්සුන්වූ බුදුරජ තෙම එම අසුනෙහි වැඩහුන්නේ එම පිණ්ඩපාතය (පිළිබඳ තොරතුරු) ප්‍රකාශ කෙළේය. (කෙසේද යත්?)

’’යම් සේ මනා කෙතෙක රෝපනය කරණ ලද ස්වල්පවූද බීජය මැනවින් වැසි වස්නා කල්හි (ඇතිවන සශ්‍ය) ඵල ගොවියා සතුටු කරයි.

’’එසේම පිණ්ඩපාතය තා විසින් මනා කෙතෙක රෝපනය කරණ ලදී. භවයෙහි උපදින්නාවූ හේ (එම කර්මයාගේ) ඵල වශයෙන් සතුටු වන්නේය.

’’පදුමුත්තර නම්වූ බුදුරජතෙම මෙය වදාරා පිණ්ඩපාතයට පසසා උතුරු දෙසට මුහුණ ලා වැඩි සේක.

’’ප්‍රතිමොක්‍ෂයෙහිද, පසිඳුරන් විෂයෙහිද, සංවෘතවූයේ ප්‍රකර්‍ෂ විවේකයෙහි යෙදුනේ ආශ්‍රව රහිතව වෙසෙමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සපරිවාරාසනත්ථෙරස්සාපදානං ඡට්ඨං.