අංගුත්තර නිකාය

එක නිපාතය

21. පසාදකරධර්ම වර්ගය

378

ආරඤ්ඤකත්ත සූත්‍රය—1. “මහණෙනි, යම් මේ වනවාසික භාවයක් වේද, 2. මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.’ (මේ 2 ඡෙදය 16 සූත්‍රය දක්වා එකතු කරන්න.)

379

පිණ්ඩපාති සූත්‍රය:—“මහණෙනි, යම් මේ පිණ්ඩපාතික භාවයක් වේද,

380

පංසුකූලික සූත්‍රය:—“මහණෙනි, යම් මේ පංසුකූලික භාවයක් වේද,

381

තෙචීචරිකත්ත සූත්‍රය:—“මහණෙනි, යම් මේ තෙචීවරික භාවයක් වේද,

382

ධම්මකථිකත්ත සූත්‍රය:—“මහණෙනි, යම් මේ ධර්ම කථික භාවයක් වේද,

383

විනයධරත්ත සූත්‍රය:—“මහණෙනි, යම් මේ විනයධර භාවයක් වේද,

384

බාහුසච්ච සූත්‍රය:—“මහණෙනි, යම් මේ බහුශ්‍රැත භාවයක් වේද,

385

ථාවරෙය්‍ය සූත්‍රය:—“මහණෙනි, යම් මේ ස්ථවිර භාවයක් වේද,

386

ආකප්පසම්පදා සූත්‍රය:—“මහණෙනි, යම් මේ (සිවුරු ගැණීම් ආදී යහපත්) ආකල්ප සම්පත්තියක් වේද,

387

පරිවාරසම්පදා සූත්‍රය:—“මහණෙනි, යම් මේ (යහපත්) පිරිවර ඇති බවක් වේද,

388

මහාපරිවාරතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ මහත් පිරිවර ඇති බවක් වේද,

389

කොලපුත්තියතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ කුලපුත්‍රභාවයක් වේද,

390

වණ්ණපොක්ඛරතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ වර්ණ (ශරීර) සෞන්දර්‍ය්‍යයෙන් සමන්විතභාවයක් වේද.

391

කල්‍යාණ වාක්කරණතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ (යහපත්) වචන ඇති බවක් වේද,

392

අප්පිච්ඡතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ අල්පෙච්ඡ භාවයක් වේද,

393

අප්පාබාධතා සූත්‍රය:—“මහණෙනි, යම් මේ නිරෝගි භාවයක් වේද, මෙය ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයයි”