අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. චක්ක වර්‍ගය
2. සංගහවත්‍ථු සූත්‍රය
’’මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
’’දානය, ප්‍රිය වචනය, අර්ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව යන සතරයි. මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.
’’මේ ලෝකයෙහි දීමද, ප්‍රිය වචනයද, අභිවෘද්‍ධිය ඇතිවන කථාද, ඒ ඒ ධර්මයන්හි සුදුසු පරිද්දෙන් සමානාත්මතාවද යන ලෝකයෙහි මේ සංග්‍රහයෝ වනාහි යන රථයාගේ ඇණය මෙනි. මවු තොමෝ මේ සංග්‍රහයන් පුත්‍රයන්ට නොකරන්නාහූ, ඉදින් පියතෙමේ මේ සංග්‍රහයන් පුතාට නොකරන්නේද, සැලකිල්ලක් හෝ පූජාවක් හෝ නොලබන්නාහුය. යම්සේ පණ්ඩිතයෝ මේ සංග්‍රහයෝ සමව බලත්ද, එසේ හෙයින් ඔවුහු මහත්‍වයට පැමිණෙත්, ප්‍රශංසාර්‍හද වෙත්.’’