අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
7. දුක්කථා සූත්‍රය
’’මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා සඳහා කථාව අයහපත් කථාව වෙයි.
’’කවර පස් දෙනෙකුන්ටද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තහුට ශ්‍රද්‍ධා ඇත්තවුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. දුශ්ශීලයාහට සිල් ඇත්තන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. මසුරුකම් ඇත්තාහට ත්‍යාගවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. ප්‍රඥා නැත්තහුට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි.
’’මහණෙනි, කුමක් හෙයින් ශ්‍රද්‍ධා නැත්තහුට ශ්‍රද්‍ධාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, ශ්‍රද්‍ධා නැත්තේ ශ්‍රද්‍ධාවන්තයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි.
’’කිපෙයි. විරුද්‍ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්?
’’මහණෙනි, හෙතෙම ඒ ශ්‍රද්‍ධා සම්පත්තිය තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීති ප්‍රමොද්‍යය නොලබයි. එහෙයින් ශ්‍රද්‍ධා නැත්තහුට ශ්‍රද්‍ධා ඇත්තවුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි.
’’මහණෙනි, කුමක් හෙයින් දුශ්ශිලයාහට ශීලවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, දුශ්ශීල තෙම සීලවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි ගැටෙයි. කිපෙයි. විරුද්‍ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ඒ ශීල සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිතභාවයද නොලබයි. එහෙයින් දුශ්ශීලයාහට සීලවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද, මහණෙනි, නූගතා උගතුන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි. කිපෙයි. විරුද්‍ධ බවට පැමිණෙයි. තද බවට පැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ කෙරෙයි. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ඒ උගත්කම වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් නූගතාහට උගතුන් පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි. ’’මහණෙනි, කුමක් හෙයින් මසුරුකම් ඇත්තාහට ත්‍යාගයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද? මහණෙනි, මසුරු තැනැත්තේ ත්‍යාගයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි ගැටෙයි. මහණෙනි, ඒ ත්‍යාග සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් මසුරුකම් ඇත්තාහට ත්‍යාගයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් ප්‍රඥා නැත්තාහට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේද? මහණෙනි, ප්‍රඥා නැත්තේ ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි ගැටෙයි. මහණෙනි, ඒ ප්‍රඥා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි නොදකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද නොලබයි. එහෙයින් ප්‍රඥා නැත්තාහට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව අයහපත් කථාව වේ.
’’මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා ඇතුළත්කොට කියන ලද කථාව යහපත් කථාව වේ.
’’කවර පස් දෙනෙකුන්ටද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තහුට ශ්‍රද්‍ධා ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වෙයි. සිල්වත්හට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ. උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ. ත්‍යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වෙයි. ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් ශ්‍රද්‍ධාව ඇත්තාට ශ්‍රද්‍ධාව ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තේ ශ්‍රද්‍ධාවන්තයන් පිළිබඳ කථාව කරණු ලබන කල්හි නොගැටෙයි.
’’නොකිපෙයි. විරුද්‍ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ? ’’මහණෙනි, ඒ ශ්‍රද්‍ධා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීති ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ශ්‍රද්‍ධා ඇත්තහුට ශ්‍රද්‍ධා ඇත්තවුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් සිල්වතාට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, සිල්වත් තෙමේ සිල්වතුන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්‍ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ?
’’මහණෙනි, ඒ සීල සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිතභාවයද ලබයි. එහෙයින් සිල්වතාට සිල්වතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේද, මහණෙනි, උගත් තැනැත්තේ උගතුන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්‍ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ?
’’මහණෙනි, ඒ උගත්කම වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් උගතාට උගතුන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් ත්‍යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වේද? මහණෙනි, ත්‍යාගවන්තයා ත්‍යාගයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. නොකිපෙයි. විරුද්‍ධ බවට නොපැමිණෙයි. තද බවට නොපැමිණෙයි. කෝපයද. ද්වේෂයද, නොසතුටද පහළ නොකෙරෙයි. ඊට හේතු කවරේද ? මහණෙනි, ඒ ත්‍යාග සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ත්‍යාගවන්තයාට ත්‍යාගයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, කුමක් හෙයින් ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේද? මහණෙනි, ප්‍රඥාවන්ත තෙම ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව කියනු ලබන කල්හි නොගැටෙයි. මහණෙනි, ඒ ප්‍රඥා සම්පත්තිය වනාහි හෙතෙම තමා කෙරෙහි දකියි. ඒ හේතුවෙන් ප්‍රීතිය හා ප්‍රමුදිත භාවයද ලබයි. එහෙයින් ප්‍රඥාවන්තයාට ප්‍රඥාවන්තයන් පිළිබඳ කථාව යහපත් කථාව වේ.
’’මහණෙනි, පුද්ගලයන් පස් දෙනෙකුන්ට ඒ ඒ පුද්ගලයා ඇතුළත්කොට කියන ලද කථාව යහපත් කථාව වේ.