අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

2. අරහන්තසච්චිකරණ සූත්‍රය

’’මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.

’’කවර සයක්ද යත්? මානය, අවමානය, අතිමානය, අධිමානය. තදගතිය, තද නිවටකමයි. මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.