අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
9. සීති වර්ගය
2. නියාමොක්කමන සූත්රය
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේද, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
’’කවර සයකින්ද? කර්මාවරණ බැවින් යුක්තවූයේ වේද, ක්ලේශාවරණ බැවින් යුක්තවූයේ වේද, අකුශල විපාකයකින් වැසුනේ වේද. බලවත් කැමැත්ත නැත්තේ වේද, ප්රඥාවත් නොවේද, මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේද, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
’’කවර සයකින්ද? කර්මාවරණ බැවින් යුක්ත නොවූයේ වේද, ක්ලේශාවරණ බැවින් යුක්ත නොවූයේ වේද, අකුශල විපාකයකින් නොවැසුනේ වේද. බලවත් කැමැත්ත ඇත්තේ වේද, ප්රඥාවත් වේද, මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.