අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
9. සමණ වර්‍ගය
10. සත්ත සද්‍ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ සද්‍ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද? ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජාව ඇත්තේ වේද, පාපයට බිය ඇත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද, මහණෙනි, මේ සත සද්ධර්මයෝ වෙති.’’
නවවැනි සමණ වර්‍ගය නිමි.