ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
18. සිද්‍ධත්‍ථ බුදුරදුන්ගේ වංශය
ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ’’සිද්‍ධත්‍ථ’’ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, (එසේ වී.)
උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.
අසම තෙද ඇති ඒ (සිද්‍ධත්‍ථ) බුදුරදුන්ගේද ධර්‍මාභිසමය තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනෙකෙුන්ට පළමු ධර්‍මාවයබෝධය වී.
නැවතද ’’භිමරථ’’ නම් නුවරදී යම් කලෙක අමා බෙරය ගැසීද, ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ට දෙවන ධර්මාවබෝධය වී.
යම් කාලයෙක ඒ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජතෙම ’’වෙභාර’’ නම් උතුම් නුවරදී දහම් දෙසූ සේක්ද, ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
දෙපා ඇති සත්ත්‍වයන්ට උතුම්වූ ඒ බුදුරදුන්ටද තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති කළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.
කෙලෙස් කිලුටු නැති (ඒ) රහතුන් වහන්සේලාගේ රැස්වීමෙහි මේ තුන්තැන්ය. කෝටි සියයක් දෙනෙකුන්ගේද, කෝටි අනූවක් දෙනෙකුන්ගේද, කෝටි අසූවක් දෙනෙකුන්ගේද (රැස්වීම්) වූහ.
මම ඒ කාලයෙහි උසස් තෙද ඇති, (සතුරෙකු විසින්) යටපත් කළ නොහැකි, අභිඥා බලයෙන් එකඟවූ සිත් ඇති ’’මඞ්ගල’’ නම් තවුසෙක් වීමි.
මම දඹ ගසින් ගෙඩියක් ගෙනවුත් සිදුහත් බුදුරදුන්ට පිදුවෙමි. සම්බුදුරජ තෙම එය පිළිගෙණ මේ වචනය වදාළ සේක.
’’උසස්වූ කෙලෙස් තැවීම් ඇති, ජටාමඬුලු දරණ, මේ තාපසයා බලව්. මෙතෙම මේ කල්පයෙන් අනූහතරවන කල්පයෙහි බුදුවන්නේය.’’
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
ඒ (සිද්‍ධත්‍ථ) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ගේ (උපන්) නුවර ’’වේභාර’’ නම් වී. පියරජ තෙම ’’උදෙන’’ නම් වී. වැදූ මව් ’’පුස්සා’’ නම් වූවාය.
බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසීය. ’’කෝකාස’’ ය, ’’උත්පල’’ ය, ’’කෝකනද’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.
(සිද්‍ධත්‍ථ) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශෙෂයක් වන) යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, සිදුහත් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උතුම් නුවරෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ට, ’’සම්බල’’ ද, ’’සුමිත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’රෙවත’’ නම්.
’’සීවලා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කිණිහිරි’’ ගස යයි කියනු ලැබේ.
’’සුප්පිය’’ ද, ’’සමුද්ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රම්මා’’ ද, ’’සුරම්මා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ සිදුහත් බුදුරජ සැට රියනක් අහසට උස්වූයේ විය. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් තැන් බබලවයි.
දීපඞ්කර ආදී බුදුවරයන් හා සමවූ, අසමානවූ, තමහට සමාන පුද්ගලයෙකු නැති, පසැස් ඇති ඒ බුදුරජද, අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.
පිරිසිදු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුලුවා, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
මුනිවරවූ සිදුහත් බුදුරජතෙම අනෝමාරාමයේදී පිරිනිවි සේක. එහිම උතුම් සෑය සිව් යොදුනක් උස්වී. (උස්ව බැන්දේය.)
සිද්ධත්ථස්ස භගවතො වංසො සොළසමො.