ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
2. පුණ්‍යක්‍රියා වර්ගය
8. මොනෙය්‍ය සූත්‍රය
“මහණෙනි, මේ මුනිභාවයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක්ද යත්? කායද්වාරයෙහි පැවැති මුනීන්ට සිත ප්‍රතිපදාවය වාග්ද්වාරයෙහි පැවැති මුනීන්ට හිත ප්‍රතිපදාවය මනොද්වාරයෙහි පැවති මුනීන්ට හිත ප්‍රතිපදාවය (යන තුණය) මහණෙනි මේ වනාහි තුන් මුනී භාවයෝයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ මෙසේ අර්ථය කියනු ලැබේ.
“කායද්වාරයෙහි මෙලෝ පරලෝ දෙකට හා තමහටද පරහටද හිත ප්‍රතිපදාව දන්නාවූ වාග්ද්වාරයෙහි ප්‍රතිපදාව දන්නාවූ මනොද්වාරයෙහි ප්‍රතිපදාව දන්නාවූ මුනීහු ආශ්‍රව රහිතවූ මුනිභාවයෙන් යුක්තවූ මනාකොට සෝදන ලද ප්‍රතිපදාව කියත්යයි.”