සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
4. පටිපත්ති වර්ගය
6. සාමඤ්ඤත්ථ සූත්‍රය
“මහණෙනි, තොපට ශ්‍රමණභාවයද ශ්‍රමණ භාවයාගේ අර්ථයද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්‍රමණභාවය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්‍රමණ භාවයයි කියනු ලැබේ.
“මහණෙනි, ශ්‍රමණභාවයාගේ අර්ථය නම් කුමක්ද? මහණෙනි, යම් රාගය නැතිකිරීමක්වේද, ද්වෙෂය නැති කිරීමක් වේද, මොහය නැතිකිරීමක් වේද, මහණෙනි, මෙය ශ්‍රමණභාවයාගේ අර්ථයයි කියනු ලැබේ”යයි වදාළසේක.