සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. සූරිය පෙය්‍යාල වර්ගය

7. යොනිසොමනසිකාර සම්පදා සූත්‍රය

“මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද? එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.