සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
1. සුද්ධින්ද්‍රිය වර්ගය
1. සුද්ධික ඉන්ද්රිය සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධිඉන්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රියයි මහණෙනි, මොහු ඉන්ද්රිය පස වෙති.”