සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

2. සොතාපන්න සූත්‍රය

(මේ වර්ගයේ සූත්‍ර සියල්ලේ 1 වෙනි ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.

[2] මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි.

[3] “මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද,

[4] “මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ එතැන්පටන් සෝවාන් වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බවට පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.”