සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
2. මුදුතර වර්ගය
10. ආසවක්ඛය සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[3] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසවෙති. මහණෙනි, මේ ඉන්ද්‍රිය පස වැඩීමෙන් බොහෝකොට කිරීමෙන් මහණතෙමේ ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තමන්ම විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට ඥානයෙන් පැමිණ වාසය කරන්නේය.”
මුදුතරවග්ගො දුතියො.