සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
1. සුද්ධින්ද්‍රිය වර්ගය
6. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රිය යන්ගේ ඉපදීමද, විනාශයද ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහිබ්‍රාහ්මණයයි, සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ භාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
[4] “මහණෙනි, ඇතැම් ශ්‍රමණෙයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ අර්ථයද, බ්‍රාහ්මණභාවයේ අර්ථයද මේ අත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.