සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

1. එකධම්ම වර්ගය

2. බොජ්ඣංග සූත්‍රය

(මේ පළමු වෙනි ඡෙද 8 වෙනි සූත්‍රය තෙක් 1 සූත්‍රයේ මෙනි.)

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේවේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුනු ආනාපාන සති සහගතවූ සතිසම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි.