සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
2. පොක්ඛරණොපම සූත්‍රය
“මහණෙනි, පණස් යොදුනක් දික්වූ පණස් යොදුනක් පලල්වූ පණස් යොදුනක් ගැඹුරුවූ කවුඩන් විසින් බිය හැකිසේ මුවවිට දක්වා පිරුණු පොකුණක් වෙයි, පුරුෂයෙක් එයින් කුසතණ අගින් වතුර ගන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, කුසතණ අගින් යම් ජලයක් වේනම් එයත් පොකුණෙහි, තිබෙන යම් ජලයක් වේනම් එයත් යන දෙකින් කුමක නම් අතිශයින් බොහෝ වේද?
“ස්වාමීනි, පොකුණෙහි යම් ඒ ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙයි, කුසතණ අගින් ගත් ජලය ඉතා ස්වල්පවෙත්, පොකුණෙහි ජලය හා සමාන කරන කල්හි කුස තණ අගින් ගත් ජලය ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.
(මෙතැන් සිට ඇති සියලු සූත්‍රයන්හිම අනිත්මට මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡෙදදෙක යොදාගන්න.)