සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
7. පඨම සමුද්දඵුසිතොපම සූත්‍රය
“මහණෙනි, පුරුෂයෙක් තෙමේ මහ මුහුදෙන් දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද මහමුහුදෙන් දිය බින්දු දෙක තුනක් මහ මුහුදෙහි ජලයත් යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, යම් ඒ මහ මුහුදෙහි ජලයක් වේද මෙයම අතිශයින් බොහෝ වන්නේය. එයින් ගත් දිය බින්දු දෙක හෝ තුන හෝ ස්වල්ප වන්නාහ. එයින් දිය බින්දු දෙක තුන මහ මුහුදෙහි ජලය සමාන කරන කල සංඛ්‍යාවකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”