ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
4. උදපානදායක ථෙරාපදානය
’’මා විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතයද දී (මෙම ලිඳද) පිදීමි.
’’මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (කූප දාන නම්වූ) කර්මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උදපානදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.