ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
5. සීහාසනදායක ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සිහසුනක් (බෝ රුකට) දුනිමි.
’’මේ ලොව සුව එලවන බොහෝ ගඳින් මලින් එහි පූජා පවත්වා බොහෝ ජනයා කෙළෙස් ගින්නෙන් නිවෙයි.
’’මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
’’පසළොස්දහස්වන කපෙහි සිළුච්චය නම්වූ ඒ අට සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සීහාසනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.