ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
7. එකදීපිය ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජුන්ගේ සළල බෝරුකෙහි පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ මම එක් පහනක් පත්තු කළෙමි.
’’භවයෙහි උපදනා කල්හි නිපදවූ පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
’’මින් සොළොස්වන කපෙහි චන්‍ද්‍රභ නම් මහත් බල ඇති සිව් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකදීපියත්ථෙරස්සාපදානං සත්තමං.
නවමං භාණවාරං.