ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

18. කුමුද වග්ග

6. මග්ග දත්තික ථෙරාපදානය

’’විපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨවූ, අනොමදස්සී භාග්‍යවත් තෙමේ මෙම අත්බැව්හිම සිරුර සුවය ලබනු පිණිස එළිමහනෙහි සක්මන් කළ සේක.

’’(සක්මන් කිරීම සඳහා එම බුදුරජතෙම) පා එසවූ කල්හි (පියුම් උපුල් ආදී මල්) (විසිරී) උන්වහන්සේගේ හිසේ මුදුනෙහි බබළමින් සිටියි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැඳ මම මල් ටිකක් විසුරුවා ලීමි.

’’මින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහත් බල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ග දත්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මග්ගදත්තිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.