ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

24. උදකාසන වග්ග

10. වාසිදායක ථෙරාපදානය

’’මම පෙර උතුම් තිවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස් මරුන් දිනූ බුදුරජුන්හට එක් දැලිපිහියක් දුනිමි.

මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් දැලි පිහියා දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දැලි පිහියා දනෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

වාසිදායකත්ථෙරස්සාපදානං දසමං.

උදකාසනවග්ගො චතුවීසතිමො.