ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
1. තුවරදායක ථෙරාපදානය
’’මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. මම බරකොට ගෙනවුත් තුවර ඇට (බැද) සංඝයාට දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තුවර දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තුවරදායකත්ථෙරස්සාපදානං පඨමං.