ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
25. තුවරදායක වග්ග
2. නාගකෙසරිය ථෙරාපදානය
’’මම (මුවන් මැරීම සඳහා) දුන්න සරසාගෙන වනයට ඇතුළු වීමි. උඩට නැගුණු මල්පෙති පිපුණු කුඩා විලක් දැක
’’(එම මල්) දෝතින් ගෙන හිසෙහි ඇඳිලි බැඳගෙන ලෝකබන්‍ධූවූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
’’මින් දෙඅනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’කෙසර’’ නම් සක්විති රජකෙනෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නාගකෙසරියත්ථෙරස්සාපදානං දුතියං.