ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
3. පච්චාගමනීය ථෙරාපදානය
’’මම එකල්හි සුගන්‍ධ නදී තීරයෙහි පිරිසිදු සෙවෙල් අනුභව කරන්නාවූ, පාපයන් (කිරීමෙහි) සංසුන්වූ, සක්වා ලිහිණියෙක් වීමි.
’’(එකල්හි) කෙළෙස් මල නැත්තාවූ, අහස් මගෙහි ගමන් කරන්නාවූ, බුදුරජුන් දිටිමි. (දැක) හොටින් සල්මලක් ගෙනවුත් (එම) විපස්සි බුදුරජාණන් වහන්සේට පිදීමි.
’’යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් වහන්සේ විෂයෙහි නිශ්චලව පිහිටියාද, එම චිත්ත ප්‍රාසාදය හේතුකොටගෙන හෙතෙම දුගතියකට නොයෙයි. (විපස්සී බුදුරජ තෙම වදාළ සේක)
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමක් විය. (සක්වා) ලිහිණියෙකුවූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරන ලදී.
’’මින් එක් අනූවන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’සතළොස්වන කපෙහි සුවාරුස්සන නම් මේ එකී නම් ඇති මහා බලවත්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පච්චාගමනියත්ථෙරස්සාපදානං තතියං.