ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

2. ගත සඤ්ඤක ථෙරාපදානය

උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි. පැහැදුනු සිතින් (යුතුව) ශාස්තෘන් වහන්සේගේ ශ්‍රීපාදයන් වැඳීමි.

’’මම අනන්ත ගුණ සාගරයක්වූ තිස්ස බුදුරජාණන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි) හටගත් නංගලිකී පුෂ්ප සතක් අහසෙහි දැමීමි.

’’සතුටු සිත් ඇත්තේ බුදුරජුන් වැඩිය මාර්‍ගයට සියතින්ම පහන් සිත් ඇත්තේ පුදා එකල්හි ඇඳිලි (බැඳීමද) කෙළෙමි.

’’මින් දෙයානූ කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.

’’මින් අටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අග්නිසිඛ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගත සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ගතසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.