ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
9. තිමිරපුප්ඵිය වග්ග
3. නීපන්නඤ්ජලිය ථෙරාපදානය
’’මම (රුක්ඛමූලිකාඞ්ගය සමාදන්ව) රුක්මුල්හි හුන්නේ තදින් රෝගීවූයේ, මම මහ වෙනෙහි අතිශය දුක්ඛිත බවට පත්වූයේ වෙමි.
’’තිස්ස බුදුරජාණන් වහන්සේ අනුකම්පා උපදවා ඒ මම වැද හොත්තේම සිරසෙහි ඇඳිලිකොට (බැඳ)
’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සියලු සතුනට උතුම්වූ බුදුරජාණන් වහන්සේ වැඳ, මම එහි කළුරික කෙළේ වෙමි.
මින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තමවූ සර්‍වඥ කෙනෙකුට වැන්දෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්‍ධ) වන්‍දනාවෙහි මේ විපාකයයි.
මින් පස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති මහා සිව නම්වූ සක්විති රජවරු පස් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නිපන්නඤ්ජලිකත්ථෙරස්සාපදානං තතියං.