ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

7. ඵලදායක ථෙරාපදානය

’’කුර සහිත අඳුන් දිවිසම් දරන්නාවූ මම පලතුරු ගත් අඅත් ඇත්තේ හිමවත් පව්වෙහිදී ඵුස්ස බුදුරජාණන් වහන්සේ දැක (එම) පලතුරු දුනිමි.

’’මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දුනිම්ද, ඒ හේතුවෙන් භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.

’’මින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දානයාගේ මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.