ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

6. දුතිය රංසි සඤ්ඤක ථෙරාපදානය

’’වැහැරි සිව්රු දරන්නාවූ මම හිමවත් පව්වෙහි සක්මනට නැගුනේ නැගෙණහිර දිගට මුහුණ ලා හුනිමි.

’’එකල්හි හිමවත් පව්වෙහි ධ්‍යානයෙහි ඇළුනාවූ, ඵුස්ස බුදුරජාණන් වහන්සේ දැක ඇඳිලි බැඳගෙන (බුදු) රැස් කරණකොටගෙන සිත පැහැදවීමි.

’’මින් දෙයානූවන කපෙහි වූ (බුද්ධ රශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්‍ධ) රශ්මි සංඥාවෙහි (පැහැද පිදීමේ) මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුතිය රංසි සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

දුතියරංසිසඤ්ඤකත්ථෙරස්සාපදානං ඡට්ඨං.