ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
2. එකු පොසථිකා වග්ග
3. මොදකදායිකාථෙරීඅපදානං
’’මම බන්ධුමතී නගරයෙහි දිය අදිනා දාසියක් වීමි. මාගේ (අහාර) කොටසද ගෙන දියට යන්නේ,
’’මම මාර්‍ගයෙහිදී ශාන්තවූ සන්හුන් ශ්‍රමණයෙකු දැක පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, අග්ගලා තුණක් දුනිමි.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම එක් අනූ කපක් දුගතියකට නොගියෙමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් මොදකදායිකා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මොදකදායිකාථෙරියාපදානං තතියං.